උපලේඛනගත රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්නන් සඳහා භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් ජාතික අධිකාරිය විසින් හඳුන්වා දෙන ලදී. රසායනික අවි සම්මුතිය යටතේ පාලනය කරනු ලබන රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ, සකස් කිරීමේ, අත්පත් කරගැනීමේ, පාරිභෝජනය කිරීමේ, මාරු කිරීමේ, බෙදා හැරීමේ, ආනයනය කිරීමේ, අපනයන සමාගමක් / වෙලෙන්දෙක් නියැලී සිටින්නේ නම්, ඔවුන් රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ ලියාපදිංචි වීම අවශ්‍ය වේ. ලියාපදිංචියක් වලංගු වන්නේ වසර දෙකක කාලයක් සඳහා පමණක් වන අතර, ඉන්පසුව අදාල සමාගම ලියාපදිංචිය අළුත් කිරීම සඳහා ඉල්ලුම් කළ යුතුය

උපලේඛනගත රසායනික ද්‍රව්‍ය ආනයනකරුවන් / අපනයනකරුවන් සඳහා බලපත්‍ර ලබාගැනීමට සහාය වීම උපලේඛනගත රසායනික ද්‍රව්‍ය ආනයනය / අපනයනය සඳහා අවශ්‍ය නිර්දේශ ජාතික අධිකාරිය ආනයන / අපනයන පාලන දෙපාර්තමේන්තුවට නිකුත් කරයි. ආනයන / අපනයන පාලකගෙන් බලපත්‍ර ලබාගැනීම සඳහා ජාතික අධිකාරියේ පූර්ව නිර්දේශය අවශ්‍ය වේ.

වගකිව යුතු සංවිධානවල ඉල්ලීම පරිදි රසායනික ද්‍රව්‍ය කම්හල් වල රසායනික ද්‍රව්‍ය අනතුරු හෝ සිදුවීම් අවම කිරිම සඳහා හදිසි අවස්ථා කළමනාකරණ සැලැස්ම පිලියෙල කිරීම සඳහා හෝ උත්ශ්‍රේණි කිරීම සඳහා වූ තාක්ෂණික සහ විශේෂඥ සහාය ජාතික අධිකාරිය සපයයි.

රසායනික අවි සම්මුතිය සහ පුසගිය වසර 5 තුළ එය කර්මාන්ත වලට බලපෑමේ කෙසේද යන්න පිළිබඳව බොහෝ දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන ලදී. එසේම එළඹෙන වසරේද කර්මාන්ත සඳහා දැනුවත් කිරීමේ පාඨමාලා ගණානවක් පැවැත්වීමට නියමතිය. මෙම වැඩසටහන් වලදී රසායනික අවි සම්මුතියේ බැඳීම් හඳුන්වා දෙන අතර, 2007 අංක 58 දරණ පනතේ නීතිකාරක පිළිබඳ දැනුම ඇති කර රසායනික ද්‍රව්‍ය ආනයෙන්දී / අපනයනයේදී මුහුණපෑ ගැටලු සාකච්ඡා කරයි

ජාතික අධිකාරිය උපද්‍රවකාරී රසායනික ද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ පාඨමාලා ගණනාවක් පවත්වයි. මෙම වැඩසටහන් වල අරමුණ වනුයේ උපද්‍රවකාරී රසායනික ද්‍රව්‍ය සමග කටයුතු කරන පුද්ගලයන් තුළ දැනුවත් බව ඇති කිරීම සහ තාක්ෂණික හැකියා වර්ධනය කිරීමක් සහ තිරසාර කර්මාන්ත සංවර්ධනය සඳහා කර්මාන්ත ශාලාවක සෞඛ්‍යය, ආරක්ෂාව සහ සුරක්ෂිත බව ඉහළ නැංවීමයි.

රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජාතික අධිකාරිය, ර.අ. සම්මුතිය යටතේ ජාතික ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාමාර්ග ඉටු කිරීම පිණිස සහ රසායනික අවි තහනම් කිරීම සඳහා වූ සංවිධානය, නෙදර්ලන්තය සහ අනෙකුත් රාජ්‍ය පාර්ශ්ව සමග ඵලදායී ලෙස සම්බන්ධතා පැවැත්වීම පිණිස ජාතික කේන්ද්‍රීය ස්ථානයක් ලෙස ක්‍රියාකිරීම පිණිස කර්මාන්ත සහ වාණිජ අමාත්‍යාංශය යටතේ පිහිටවූ සංවිධානයකි.

තිරසාර කාර්මික සංවර්ධනයක් සාක්ෂාත් කරගැනීම සඳහා රසායනික හදිසි ආපදා තත්ත්වයකදී සුරක්ෂිතබව සහ ආරක්ෂාව ඉතා වැදගත් ලක්ෂණයකි.එබැවින් සෑම කර්මාන්ත ශාලාවකම සහ කර්මාන්ත කලාපයකම එබඳු හදිසි තත්ත්වයන්ට මුහුණ දීම සඳහා හදිසි අවස්ථා සැලැස්මක් තිබිය යුතුය. මෙම අරමුණු සපුරාලීම සඳහා එබඳු අනතුරු සිදුවීම් වැළැක්වීම පිණිස ජාතික අධිකාරිය උපද්‍රවකාරී රසායනික ද්‍රව්‍ය බෙදාහරින්නන් සහ විවිධ කර්මාන්ත ගබඩා පහසුකම් පිළිබඳ සමීක්ෂණයක් පවත්වයි. එම සමීක්ෂණය තුළින් අපද්‍රවකාරී රසායනික ද්‍රව්‍ය, භාවිතා කරන ගබඩා කරන හෝ සකස් කරන ස්ථාන හඳුනා ගනු ඇත. ශ්‍රී ලංකාවේ මෙම ඕනෑම කර්මාන්ත ශාලාවක / කලාපයක හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් එයට ඵලදායී අන්දමින් ප්‍රතිචාර දැක්වීම පිණිස හදිසි ආපදා කළමනාකරණ සැලැස්මක් සහ දත්ත පද්ධතියක් සකස් කළ යුතුය.

ජාතික අධිකාරිය, සන්නද්ධ හමුදා, පොලිසිය, ගිනි නිවන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රසායනික හදිසි ආපදා තත්ත්වයකට ප්‍රතිචාර දැක්වීම සඳහා පුහුණු කර තිබේ. මෙම පුහුණු වැඩසටහන්වලට සහභාගිවන්නන්ට, ඔවුන් පලමුව ප්‍රතිචාර දක්වන්නන් ලෙස සුදුසුකම් ලැබීමේන පසු ප්‍රධාන භූමිකාවක් ඉටු කිරීමට තිබේ. ප්‍රතිචාර දක්වන මෙම පුද්ගලයන් හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත්, ගලවා ගැනීමේ, සත්‍යාපනය කිරීමේ සහ අනතුරු ඇඟවීමේ නියැලෙනු ඇත.

කර්මාන්ත සඳහා භාවිතා කරන ඇතැම් රසායනික ද්‍රව්‍යයන්ට රසායනික අවි නිපදවීමට සෘජුවම සම්බන්ධ භාවිතයන් තිබේ. මෙම ‘ද්වි-භාවික’ රසායනික ද්‍රව්‍ය භාවිත කරන්නේ සාමකාමී කාර්යයන් සඳහා පමණක් බව සහතික කිරීමට ඒවා වාණිජ සහ කර්මාන්ත ක්‍රියාකාකරම් සඳහා භාවිතා කිරීම අධික්ෂණය කිරීම මෙම සම්මුතිය අනුව අවශ්‍යව තිබේ. රසායනික අවි සම්මුතිය ජාතික වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා වූ පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සම්මත කර තිබේ. උපලේඛනගත රසායනික ද්‍රව්‍ය ආනයනකරුවන් සහ භාවිතා කරන්නන් සඳහා ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක්ද උපලේඛනගත රසායනික ද්‍රව්‍ය ආනයනය සහ අපනයනය සඳහා බලපත්‍ර ක්‍රමයක්ද ආරම්භ කිරීම පනත මගින් බලාත්මක කරනු ඇත. එසේම වැඩියෙන්ම වෙළඳාම් කරන රසායනික ද්‍රව්‍ය 37 සඳහා විශේෂිත එච් එස් කේත ලබාදීමට ශ්‍රී ලංකා රේගුව සමග එක්ව කටයුතු කර තිබේ.