රසායනික ද්‍රව්‍ය

පහත දැක්වෙන උපලේඛනයේ විෂ සහිත රසායනික ද්‍රව්‍ය සහ ඒවායේ පුර්වගයන් ලැයිස්තුගත කර ඇත. මෙම සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ කාර්යය සඳහා මෙම උපලේඛන සත්‍යාපන ඇමුණුමේ විධිවිධානයන් ප්‍රකාරව සත්‍යාපන ක්‍රියාමාර්ග - උපයෝගය සඳහා රසායනික ද්‍රව්‍ය හඳුනාගනී. 11 වගන්තියේ අනුඡේද 1 (1) අනුව මෙම උපලේඛණ රසායනික අවි පිළිබඳ නිර්වචනයක් සංස්ථාපනය නොකරයි. (ද්වි ඇල්කයිල රසායනික ද්‍රව්‍ය පන්තියක් සහ ඉන්පසුව වරහන් තුළ ඇල්කයිල ලැයිස්තුවක් සඳහන් කර ඇති කවර හෝ අවස්ථාවක, වරහන් තුළ ලැයිස්තුගත කර ඇති ඇල්කයිල පන්තියෙන් සිදු කළ හැකි සියලු සම්මිශ්‍රණ මගින් නිපදවිය හැකි සියලු රසායනික ද්‍රව්‍ය, ඒවා නිශ්චිතව විවර්ජනය කර නොමැත්තේ නම්හැරෙන්නට, අදාල උපලේඛනයේ ලැයිස්තුගත කර ඇති සේ සැලකේ. දෙවන උපලේඛනයේ ‘අ’ කොටසේ * සලකුණු කර ඇති රසායනික ද්‍රව්‍යයක්, සත්‍යාපන ඇමුණුමේ VII කොටසේ නිශ්චිතය දක්වා ඇති පරිදි ප්‍රකාශ කිරීම සහ සත්‍යාපනය සඳහා විශේෂ දේහලියකට යටත් වේ.