ආසියාවේ රාජ්‍ය පාර්ශවකරුවන්ගේ ජාතික බලධාරීන්ගේ 22 වන කලාපීය රැස්වීම 2024 මැයි 29 සිට 31 දක්වා උස්බෙකිස්තානයේ දී පැවති අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියේ (NACWC) අධ්‍යක්ෂ ශ්‍රී ලංකාව, රියර් අද්මිරාල් (ආචාර්ය) KWARI රණසිංහ, VSV, USP, psc මහතා මෙම අවස්ථාවට සහභාගී විය. ජාතික, උප කලාපීය සහ කලාපීය මට්ටමින් රසායනික අවි සම්මුතිය (CWC) ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවශ්‍යතා, ප්‍රමුඛතා, ගනු ලැබූ ක්‍රියාමාර්ග සහ හොඳම භාවිතයන් සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය පාර්ශව සඳහා ජාතික බලධාරීන්ගේ මෙම කලාපීය රැස්වීම සංසදයක් ලෙස ක්‍රියා කරයි. රසායනික අවි සම්මුතිය සම්බන්ධයෙන් ආසියානු කලාපීය සාමාජික රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ (OPCW) වැඩසටහනේ රාමුව තුළ ලබා දී ඇති ධාරිතා සංවර්ධන සහාය පිළිබඳව ද සහභාගිවන්නන් සාකච්ඡා කළහ. වැඩසටහන අතරතුර, ශ්‍රී ලංකා ජාතික අධිකාරියේ අධ්‍යක්ෂවරයා විසින් "ශ්‍රී ලංකාවේ උපලේඛනගත රසායනික ද්‍රව්‍ය නීති විරෝධී ලෙස මාරු කිරීම වැළැක්වීම" යන මාතෘකාව යටතේ තොරතුරු ඉදිරිපත් කිරීමක් සිදු කළ අතර කලාපීය විශේෂඥයින් සමඟ ඵලදායී සාකච්ඡා සඳහා අවස්ථාව ලබා ගත්තේය.

Boat on Calm Water